චීන-ඉතාලි ව්‍යවසායකයින්ගේ කමිටුවේ හත්වන රැස්වීමේ සමාරම්භක උත්සවය ඊයේ(28) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. ඒ චීන අගමැති Li Qiang මහතාගේ සහ ඉතාලි අගමැති Giorgia Meloni මහත්මියගේ ප්‍රධානත්වයෙනි. චීනයේ සහ ඉතාලියේ ව්‍යවසායකයින් 150 කට වැඩි පිරිසක් එම උත්සවයට සහභාගි වූහ.
චීන-ඉතාලි ව්‍යවසායකයින්ගේ කමිටුව පිහිටුවීමෙන් පසු ගෙවී ගිය වසර දහය තුළ, දෙරට අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව Li Qiang මහතා එහිදී පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරය තවදුරටත් පුළුල් ලෙස ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම සහ චීන අනන්‍යතාව සහිත නවීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රමානුකූල විධිවිධාන සම්පාදනය කිරීමත් සමග දෙරට ව්‍යවසායන් අතර සහයෝගීතාවයට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් සැලසෙනු ඇති බව ද ඔහු කියා සිටියේ ය.
චීනය සෑම විටම ඉතාලියට මෙන්ම වෙනත් රටවල ව්‍යවසායන් සඳහා ද විවෘතව පවතින බව Li Qiang මහතා අවධාරණය කළේ ය. චීන සහ ඉතාලි ව්‍යවසායකයින් පවතින අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිය ව්‍යවසායන්හි දියුණුව සඳහා පමණක් නොව, දෙරට අතර මිත්‍රශීලී සහ සහයෝගී සබඳතාව ශක්තිමත් කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කර ඇත.
වර්තමාන සංකීර්ණ හා නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වය හමුවේ, ඉතාලිය සහ චීනය පුළුල් උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ද ශක්තිමත් කළ යුතු බව Giorgia Meloni මහත්මිය එහිදී පැවසුවා ය. අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය විශ්වාසය, සාධාරණත්වය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන පදනම් මත ආර්ථිකය, වෙළඳාම, ආයෝජන සහ කෘතිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල චීනය සමග ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට ඉතාලිය කැමැත්තෙන් සිටින බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්‍රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ