චීනය ඉදිරිපත් කළ තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය සම්මත කරයි.
ඒ ඊයේ(10) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේ 57 වැනි සැසියේදී ය. එහිදී කැමරූන්, හොන්ඩියුරාස්, පාකිස්ථානය, තුර්කිය ඇතුළු රටවල් 30ක් වෙනුවෙන් චීනය ඉදිරිපත් කළ ආබාධිත මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුළු සියලු දෙනාට බාධාවකින් තොරව මානව හිමිකම් භුක්ති විඳීම තහවුරු කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. මෙවැනි තීරණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සම්මත වූ පළමු අවස්ථාව මෙයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ පිහිටි සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා එහිදී මෙම තීරණයේ කෙටුම්පත පිළිබඳ හඳුන්වා දීමේදී, විවිධ පාර්ශ්වයන් ‘කිසිදු බාධාවකින් තොරව පහසුකම් සැලසීමේ හැකියාව’ පිළිබඳ එකඟතාවකට පැමිණීමෙන් පොදු ප්රයත්න යටතේ එම මෙහෙයුම තවදුරටත් සහතික කළ හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව පැවසීය.
මෙම තීරණය මගින් පවතින බාධා ඉවත් කර අදාළ පහසුකම් සලසා දීමෙන් විවිධ පාර්ශ්වයන් දක්වන අවධානය තවදුරටත් තහවුරු කරන අතර එමගින් ජාත්‍යන්තර සහයෝගීතා ප්‍රවර්ධනය කෙරෙන බව කියුබාව, ඩොමිනිකන්, බෙනින් ඇතුළු රටවල පොදු අදහස වී ඇත.
චීනයේ සාම්ප්‍රදායික උත්සවයක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසි දින උත්සවය අද(11)ට යෙදී ඇත. ඒ නිමිත්තෙන්, මෙම තීරණය සම්මත කිරීමට හැකිවීම, චීනය ඒ හා සම්බන්ධ ක්ෂේත්රයේ සංකල්පයන්ට මඟපෙන්වීමටත් වැඩිහිටි පුද්ගලයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත් ඉතා වැදගත් දායකත්වයක් සපයනු ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ