33 වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවට පත්වෙයි. මෙවර ඔලිම්පික් උළෙලට එක් වූ, සාමාජිකයන් 404 දෙනෙකුගෙන් සමන්විත චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායම තරග අංශ 30ක් යටතේ තරග ඉසව් 200 කට අධික සංඛ්‍යාවකට සහභාගි වූහ. එහිදී ඔවුන් රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 27ක් හා ලෝකඩ පදක්කම් 24ක් දිනාගැනීමට සමත් වීම කැපීපෙනේ. එසේම, රන් පදක්කම් සංඛ්‍යාව හා සමස්ත පදක්කම් සංඛ්‍යාව අතින් විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දැක්වූ ඉහළම කාර්ය සාධනය වාර්තා කිරීම ද විශේෂත්වයකි.
පිහිනුම්, වෙඩි තැබීම හා බර ඉසිලීම යන තරග අංශයන්ට එක් වූ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු පැවති ලෝක වාර්තා බිඳ හෙළූ අතර, නව ඔලිම්පික් වාර්තා 9 ක් බිහිකිරීමට ද ඔවුන් සමත් වී ඇත. එසේම, තරග ඉසව් 12 කින්, ප්‍රථම වරට මව්රට නියෝජනය කර ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ පිරිසක් ද වෙති. චීනය මෙතෙක් ජයග්‍රහණ නොලැබූ තරග ඉසව් 8 කින් මෙවර ඔලිම්පික් පදක්කම් දිනාගැනීම ද විශේෂත්වයකි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්