දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඝාතනය නොකිරීම සම්බන්ධයෙන් තමන් අද පසුතැවෙමින් සිටින බව කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා පවසනවා.
ඔහු දින කිහිපයක් තුළ සිදුකළ දෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙයයි.
ඔහු එම ප්‍රකාශය සිදුකර තිබුණේ මඩකලපුව, කලවන්චිකුඩි ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීයී.
දෙමළ ජාතික සන්ධානය තමන් විසින් නිර්මාණය කළ කණ්ඩායමක් බවද සිවරාම් නැමැති පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ පැහැදිලි කිරීම ඊට හේතු වූ බවද කරුණා එහිදී ප්‍රකාශ කර තිබුණා.
යුද්ධය ගැන බාහිර ලෝකයට තොරතුරු ගෙනයාම එවැනි දේශපාලන කණ්ඩායමක් බිහි කිරීමේ අභිලාශ්ය වූ බවද යුද්ධයේ සැබෑ තත්ත්වය, අහිමිවීම්, බලපෑම් පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ වගකීම දෙමළ සන්ධානයට පැවැරූ බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව සම්බන්ධන් මහතා එහි නායකයා ලෙස පත් කිරීමට වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් උපදෙස් ලැබුණු බව කී කරුණා අම්මාන් පෙන්වා දුන්නේ වර්තමානයේ රූපවාහිනිය ඔස්සේ සම්බන්දන් වෙනස් ආකාරයකින් ජනතාවට දිස්වන බවයි.
කොටින් සමග සම්බන්ධයක් නොමැති බවට ඔහු කරන ප්‍රකාශ පිළිනොගන්නා බව පවසන කරුණා අම්මාන් අවධාරණය කර සිටින්නේ දෙදෙනකුගේ වාරුවෙන් ගමන් කරන සම්බන්ධන් මහතා වැනි නායකයින්ගෙන් දෙමළ ජනතාවය සේවයක් සිදු නොවන බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට