දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් අතර, විශේෂ සාකච්ඡාවක් අද කොළඹදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම සන්ධානයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
ඊයේ දිනයේදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද හමුවී තිබුණා.
එහිදී උතුරු නැගෙනහිර සංවර්ධනය කෙරෙහි අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.
ඉන් අනතුරුවයි දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් අතර කොළඹදී මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක