ඇමරිකාව තුළ TikTok භාවිතයට අදාළව, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා, TikTok තහනම ප්‍රමාද කරන ලෙස, ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
ඊයේ (27) දිනයේ දී ගොනු කරන ලද නීතිමය ලියවිල්ලකට අනුව, මේ බව සඳහන් වේ.
ඇමරිකාව තුළ TikTok භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡා කොට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට තමාට අවස්ථාව ලබා දෙන ලෙස අදාළ නීතිමය ලියවිල්ලෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
ඇමරිකාව තුළ TikTok භාවිතය වහාම තහනම් කිරීමට සිය විරුද්ධත්වය පළ කරමින් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ, තමා බලයට පත්වීමෙන් පසු දේශපාලන විසඳුමක් ඔස්සේ අදාළ ගැටළුව විසඳීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ගැටළු සඳහා සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමකට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් ද හෙතෙම මෙහිදී පෙන්වා දී ඇත.
ඇමරිකාවේ ඇරිසෝනා හි පසුගියදා පැවති රැස්වීමක දී ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබුණේ, TikTok ඇමරිකාව තුළ ක්‍රියාකාරීව පවත්වා ගෙන යාමට යම් කාලයක් දීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය හැකි බවයි.
More Stories
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි
විදෙස් ඇසින් චීනය දකින්නට ඉඩ සැලසෙන චීන මාධ්‍ය සමූහයේ 05 වැනි විදේශ විඩියෝ ප්‍රදර්ශන උළෙල ඇරඹේ
ඉරාන න්‍යෂ්ටික ප්රශ්නය පිළිබඳ ත්‍රෛපාර්ශ්වික විශේෂඥ සාකච්ඡාව සඳහා රුසියාවේ සත්කාරකත්වයට චීනයෙන් සහාය