එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් මහතා පත් කර තිබෙනවා.
ඒ, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂයේ මහල්කම් ධුරයෙන් තමා ඉවත් වන බව පසුගිය දා අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කළේ දෙසැම්බර් 15 වනදා දක්වා අකිල විරාජ් කාරියවසම් මහතාට එම ධුරයේ කටයුතු කරන ලෙසයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග