වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති Tô Lâm මහතා චීන නිල සංචාරය අරඹයි. මේ සඳහා හෙතෙම අද(18) පෙරවරුවේ විශේෂ ගුවන් යානාවකින් Guangzhou නගරයට ළඟා විය.
Tô Lâm මහතා වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරය දැරීමෙන් පසු සිදු කරන ප්‍රථම විදේශ නිල සංචාරය මෙයයි. Guangzhou නගරයේ දී Tô Lâm මහතා එරට හිටපු ජනාධිපති Hồ Chí Minh මහතා චීනය තුළ සිදු කළ විප්ලව ක්‍රියාකාරකම් හි අභිමානවත් මතක සටහන් නැරඹීමට අපේක්ෂා කරයි.
චීන-වියට්නාම සබඳතා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින චීන නියෝජිතයන් හමුවූ Tô Lâm මහතා දෙරටේ ජ්‍යෙෂ්ඨ පරපුරේ නායකයන් අතර මිත්‍රත්වය සිහිපත් කළේය. දෙරට අතර පවතින සහෝදරත්වය මෙන්ම සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉහළින් අගය කරන වියට්නාමය චීනය සමග සම්බන්ධතා තවදුරටත් තහවුරු කිරීමට අඛණ්ඩ ව ප්රමුඛත්වයක් ලබා දෙන බව ද හෙතෙම එහිදී සඳහන් කර ඇත.
ඔහුගේ චීන සංචාරය එළඹෙන 20 වැනි දා නිමාවට පත් වෙයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි