1954 වසරේ සිට 2021 වසර දක්වා ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩා ඉතිහාසය පිළිබඳ ව සුනිල් රණසිංහ මහතා විසින් රචිත ” වොලිබෝල් ලෙජන්ඩ්ස් සිලෝන් ටු ශ්‍රී ලංකා ” නම් වූ ග්‍රන්ථය එළිදැක්වීම නොවැම්බර් 16 දින කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණ.
තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrew Marcelo Gonzalez, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති කාංචන ජයරත්න, තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස් නාලක සහ ග්‍රන්ථයේ කර්තෘ සහ සංස්කාරක සුසිල් රණසිංහ යන මහත්වරුන් සහභාගි විය.
ඉන් අනතුරුව 1954 වර්ෂයේ ප්‍රථම ජාතික වොලිබෝල් කණඩායම නියෝජනය කළ දැනට ජීවතුන් අතර සිටින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් ක්‍රීඩකයා වන 1924 උපත ලද අවුරුදු 98 වයසැති පියරත්න වීරසිංහ මහතාට සහ 1936 උපත ලද අවුරුදු 85 වයසැති, 1955 ප්‍රථම ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ජාතික වර්ණ හිමිකරගත් බියට්‍රිස් චන්ද්‍රලතා මහත්මියට උපහාර පිදීම ද තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට වොලිබෝල් සංගමයේ හිටපු සභාපතිවරුන් වන ඩිලාන් පෙරේරා, සුනිල් ජයන්ත නවරත්න, එරංග වැලිඅංගේ යන මහත්වරුන් ඇතුළු වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ විශේෂ අමුත්තන් රැසක් සහභාගි විය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්