වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුනහොත් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් නිවේදනය කරනවා.
තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙනවා. එසැණ පැහැදුම: 2 Factor Authentication යනු ඔබේ අන්තර්ජාල ගිණුම් අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා කරගැනීමට භාවිතා කරන ක්‍රමවේදයකි. මෙය සක්‍රීය කළ විට ඔබේ ගිණුමට ප්‍රවේශ (sign in) වීමේදී ඔබේ මුරපදයට (password) අමතරව, ඔබේ ජංගම දුරකථනයට ඒ මොහොතේ ලැබෙන ඉලක්කම් 6ක අහඹු කේතයක්ද ඉල්ලයි. එම නිසා, ඔබේ මුරපදය අන්සතු වුවද, ඔබේ දුරකථනය ඔබ සතුව ඇත්නම්, වෙන කිසිවෙකුට ඔබේ ගිණුම් වෙත ප්‍රවේශ විය නොහැකියි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්