අවුරුදු 12න් ඉහළ වයස් කාණ්ඩවල දරුවන් ඇතුළු පිරිස වෙත කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.
ඒ, තුන්වන මාත්‍රාවක් ලබාදීම තාවකාලික ව අත්හිටුවන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර ඇති පසුබිමක යි.
ඊශ්‍රායලය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ සිංගප්පූරුව මේ වනවිටත් තුන්වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ධනවත් රටවල් විසින් මෙලෙස තුන්වන මාත්‍රාවක් ලබාදීම තුළින් අඩු ආදායම්ලාභී රටවලට ලබාදීමට ප්‍රමාණවත් එන්නත් අහිමිවන බවයි.
කෙසේ වෙතත් අද ආරම්භ වූ තුන්වන මාත්‍රාවක් ලබාදීමේ එන්නත්කරණ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි ඊශ්‍රයලය ප්‍රකාශ කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට