කොවිඩ් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ප්‍රමුඛතා ලැයිස්තුවේ දේශපාලනඥයින් නොමැති බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
දැනට ලංකාවට ලැබී ඇති එන්නතේ දෙවන මාත්‍රාව වෙනත් කණ්ඩායම්වලට දීම තුළින් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකිවන තත්ත්වයක් ද උදාවිය හැකි බවයි ඔහු පවසන්නේ.
දෙවෙනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.
පසුගිය ජනවාරි 28 වනදා ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ගෙනඑනු ලැබුවා.
ඉන් මාත්‍රා 192,938ක් මේ වනවිට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින්ට ලබාදී තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි