සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙති.
තෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් වර්ගයක් ලබාදීම සම්බන්ධයෙන්ද සලකාබැලිය හැකි බව එම සංවිධානය සඳහන් කර තිබේ.
මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් අවශ්‍ය නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්