ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ බලන ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ඔලිවියා නීවේරාස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (08) විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දී ඇති වඩාත්ම අභියෝගාත්මක අර්බුදය සහ වසංගතය වන කොරෝනා ව්‍යසනය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් අතර ව්‍යසනකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඔලිවියා නීවේරාස් මහත්මියගෙන් ඉල්ලා සිටියේය.
වඩාත්ම අභියෝගාත්මක පරිච්ඡේදය ඉදිරියට ඇති බවත් පැවසූ ඔලිවියා නීවේරාස් මහත්මිය, ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවද ප්‍රකාශ කළාය.
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාලිකා ගුණවර්ධන මහත්මිය, වෛද්‍ය පාලිත අබේකෝන්, වෛද්‍ය පද්මලාල් ද සිල්වා, ඇතුලු විශේෂ නියෝජිතයින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්