WHO යුරෝපයට අනතුරු අඟවයි

කොවිඩ් වෛරසයේ විකෘති ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ යුරෝපයේ සෞඛ්‍ය පද්ධති වලට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා

එහි යුරෝපා නියෝජිත හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කළේ මෙය යුරෝපයට පැමිණි තවත් කුණාටුවක් බවයි

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ජර්මනියේ නත්තල් උත්සව සඳහා කොවිඩ් සීමාවන් ප්‍රකාශයට පත් කළ අතර දෙසැම්බර් 26 වනදා සිට සියලුම මත්පැන් අලෙවි සැල් සහ රාත්‍රී සමාජ ශාලා වසා දැමීමටයි පෘතුගාලය පියවර ගෙන ඇත්තේ

කෙසේ වෙතත් නත්තලට පෙර කොවිඩ් සීමාවන් පැනවීම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com