COVID-19 වසංගතයේ මූලාරම්භය පිළිබඳව සොයා බැලීමට චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම අද චීන විද්‍යා ඥයින් හමුවීමට නියමිත අතර වූහාන් හි විද්‍යාගාර, වෙළඳපල සහ රෝහල් නැරඹීමට සැලසුම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම විශේෂඥ කණ්ඩායම චීනයට පැමිණ තිබුනේ පසුගිය 14 වනදායි.
චීනය තුල ක්‍රියාත්මක කොරෝනා පාලන නීති යටතේ මෙම පිරිස දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමුකෙරුණා.
2019 අග භාගයේදී වෛරසය හටගත් චීන නගරයට පැමිණ සති දෙකකට පසුව ක්ෂේත්‍ර කටයුතු ආරම්භ කිරීම සඳහා කණ්ඩායම වුහාන් හි නිරෝධායන හෝටලයෙන් පිටත්ව ගියා.
චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ප්‍රමාදයන් සහ ගැටුම් හේතුවෙන් මෙම මෙහෙයුම තරමක් මන්දගාමී වී ති අතර, චීනය ආරම්භක වයිරස ව්‍යාප්තියේ ප්‍රමාණය සඟවා ඇති බවට චෝදනා කර ඇති අතර සංචාරයේ කොන්දේසි විවේචනය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
ක්ෂේත්‍ර චාරිකා සඳහා වුහාන් වෛරස් විද්‍යා ආයතනය, හුවානන් වෙළඳපොළ, වුහාන් සීඩීසී (රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය) රසායනාගාරය ඇතුළත් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
ස්වාධීන විශේෂඥයින්ගේ කණ්ඩායම චීනයේ තවත් සති දෙකක් රැඳී සිටීමට නියමිත අතර, වුහාන් හි පළමු COVID-19 රෝගීන් කිහිප දෙනෙකු සමඟ ද කතා කරනු ඇත.
ඩෙන්මාර්ක කණ්ඩායමේ සාමාජික තියා ෆිෂර් පැවසුවේ වෛරසය පැතිරී ඇති බවට මුලින් විශ්වාස කළ හුවානාන් සීෆුඩ් තොග වෙළඳපොළට පිවිසීමෙන් එය අාරම්භක කේන්ද්‍රයද නැතිනම් වෛරසයේ පැතිරයාව වැඩි වීමට හේතු වූ දිගුවක්ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්