ඉන්දියාවේ හින්දු ආගමික බැතිමතුන් චීනයේ Xizang ප්‍රදේශයේ පූජනීය ස්ථානවලට පැමිණ වන්දනා කිරීම මෙම ගිම්හානයේ සිට යළි ආරම්භ වේ. මේ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා බෙයිජිංහි අද(28) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එහිදී මාධ්‍යවේදියෙකු සඳහන් කළ පරිදි, ඉන්දියානු පාර්ශ්වය එළඹෙන ජුනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා සිය හින්දු ආගමික බැතිමතුන්ට චීනයේ Xizang ප්‍රදේශයේ පිහිටි පූජනීය ස්ථානවල වන්දනාමාන සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධාන කරනු ඇත. චීන පාර්ශ්වයෙන් ඒ සඳහා අවසර ලබා දී ඇත්දැයි ඔහු විමසා සිටියේය.
Xizang ප්‍රදේශයේ පිහිටි Kailash කන්ද හා Manasarovar වැව ටිබෙට් බුදුදහම හා හින්දු ආගම ඇතුළු ආගමික විශ්වාසයන් සහිත බැතිමතුන්ගේ හදවත් තුළ පාරිශුද්ධ පූජනීය ස්ථානයන්ය. චීනය හා ඉන්දියාව අතර එකඟතාවකට අනුව ඉන්දියාවේ හින්දු ආගමික භක්තිකයින් එම පූජනීය ස්ථානයන්හි වන්දනාමාන කිරීමේ කටයුතු මෙම ගිම්හාන සමයේ යළි ආරම්භ වනු ඇත. දෙපාර්ශ්වය ඊට අදාළ කටයුතු වෙනුවෙන් සූදානම් වන බව ද Guo Jiakun මහතා ප්‍රකාශ කර සිටියේය.
චීනය හා ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 75වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ඉන්දියාව සමග එක්ව දෙරට නායකයින් අතර ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර මාර්ගයක් මත ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.
More Stories
ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීනයෙන් ප්‍රකාශයක්
සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
චීනයට පැමිණෙන විදේශීය මිතුරන් සාදරයෙන් පිළිගැනීමට චීනය සූදානමින්