වයඹ දිග චීනයේ Ningxia Hui ස්වායත්තයේ අවන්හලක ඇති වූ පිපිරීමෙන් තුවාල ලැබූවන් බේරා ගැනීම, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ විධිමත් ආරක්‍ෂිත ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
අනතුර සිදු වූ විගස අවශ්‍ය උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවිත සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ඉල්ලා සිටියේය.
ඊයේ(21) රාත්‍රියේ Ningxia හි අගනුවර වන Yinchuan හි අවන්හලක ඇති වූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 7 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරට හේතුව පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසත්, වගකිව යුතු පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ෂී ජින්පිං මහතා දැනුම් දී ඇත.
සියලුම ප්‍රදේශ සහ අදාළ දෙපාර්තමේන්තු සියලු ආකාරයේ අවදානම් සහ සැඟවුණු අනතුරු පිළිබඳ පරීක්ෂා කර ඒවා වහාම නිවැරදි කළ යුතු බව ද හෙතෙම කියාසිටී. අදාළ දෙපාර්තමේන්තු සේවා ස්ථානවල ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු අතර, ප්‍රධාන ක්ෂේත්‍ර සහ කර්මාන්තවල ආරක්‍ෂාව උදෙසා ප්‍රතිසංස්කරණ කටයුතු ද වැඩිදියුණු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, අනතුරට ලක් වූවන් මුදවා ගැනීමේ උත්සාහයන්ට සහය වීමට මධ්‍යම රජයේ ආයතන කිහිපයකින් සමන්විත ක්‍රියාකාරී කණ්ඩායමක් මේ වන විටත් එම ස්ථානයට යොමු කර ඇත.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්