චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Zhejiang පළාතේ Jingning කෝරළය ස්ථාපිත කිරීමේ 40වැනි සංවත්සරය වෙනුවෙන් එහි වැසියන් වෙත සුබ පැතුම් පිරිනමයි.
සමස්ත කෝරළයේ ජනවාර්ගික කණ්ඩායම්වල කාඩර්වරුන් හා ජනතාව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයන් හා වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කොට එහි උසස් තත්වයේ සංවර්ධනය සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට පිළිතුරු ලිපිය යොමුකරමින් සඳහන් කර ඇත.
1984 දී පිහිටුවූ Jingning කෝරළය, චීනයේ ඇති එකම She ජාතික ස්වයංපාලිත කෝරළය යි. පසුගියදා, චීන කොමියුනිස්ට් පක්ෂයේ Jingning කෝරළයේ කමිටුව සහ එම කෝරළයේ රජය එහි සමස්ත කාඩර්වරුන් හා ජනතාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. කෝරළය පිහිටුවීමෙන් පසු වසර 40 ක කාලය තුළ, විශේෂයෙන් නව යුගයේ විවිධ ක්ෂේත්රවල ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇති අතර පොදු සමෘද්ධිය පිළිබඳ මනා ආදර්ශනයක් වීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය ද ඉන් ප්‍රකාශ කර ඇත.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්